ගෝමරන්කඩවල ප්‍රාදේශීය ‌ලේකම් කාර්යාලයේ අනුමත හා තත්‍ය කාර්යය මණ්ඩලය පිළිබඳ ‌විස්තර

ගෝමරන්කඩවල ප්‍රාදේශීය ‌ලේකම් කාර්යාලයේ අනුමත හා තත්‍ය කාර්යය මණ්ඩලය පිළිබඳ ‌විස්තර පහත දැක්වේ. (අවසන් යාවත්කාලීන කිරීම 2019.03.12)

  තනතුර සේවාව ශ්‍රේණිය වැටුප් ‌‌‌කේතය සේවා මට්ටම මධ්‍යම රජයේ පුරප්පාඩු පලාත් සභා පුරප්පාඩු
  අනුමත තත්‍ය අනුමත තත්‍ය
1 ප්‍රාදේශීය  ලේකම් ශ්‍රීලපසේ I එස්එල්1-2016 ජේෂ්ඨ 01 01* - - - -
2 සහකාර ප්‍රාදේශීය  ‌ලේකම් ශ්‍රීලපසේ II/III එස්එල්1-2016 ජේෂ්ඨ 01 - 01 - - -
3 සහකාර අධ්‍යක්ෂ /නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) ශ්‍රීලක්‍රසේ II/III එස්එල්1-2016 ජේෂ්ඨ 01 01 - - - -
4 ගණකාධිකාරී ශ්‍රීලගසේ II/III එස්එල්1-2016 ජේෂ්ඨ 01 - 01* - - -
5 පරිපාලන නිලධාරී රාකසසේ අධි එම්එන්7-2016 තෘතීයික 01 01* - - - -
6 පරිපාලන නිලධාරී(ග්‍රාම නිලධාරී) ග්‍රානිසේ අධි එම්එන්7-2016 තෘතීයික 01 - 01 - - -
7 අතිරේක  දිස්ත්‍රික් ‌රෙජිස්ටාර් රෙජිසේ

පන්තිය 3 ‌‌ශ්‍රේණිය  I/II

එම්එන්5-2016 තෘතීයික 01 *- 01 - - -
8 සංවර්ධන නිලධාරී සනිසේ I/II/III එම්එන්4-2016 ද්විතීයික 05 - 05 - - -
9 සංවර්ධන නිලධාරී (සංවර්ධන) සනිසේ I/II/III එම්එන්4-2016 ද්විතීයික 19 07 12 - - -
10 තාක්ෂණ නිලධාරී ග්‍රීලතාසේ I/II/III එම්එන්2-2016 ද්විතීයික 01 - 01 - - -
11 රාජ්‍ය කලමනාකරණ සහකාර I රාකසසේ I/II/III එම්එන්2-2016 ද්විතීයික 27 02   - - -
12 රාජ්‍ය කලමනාකරණ සහකාර II රාකසසේ I/II/III එම්එන්2-2016          
13 රාජ්‍ය කලමනාකරණ සහකාර III රාකසසේ I/II/III එම්එන්2-2016 20 05      
14 කලමනාකරණ සහකාර දෙපාර්තමේන්තු I/II/III එම්එන්1-2016 ද්විතීයික 01 01 - - - -
15 ග්‍රාම නිලධාරී ග්‍රානිසේ I/II/III එම්එන්2-2016 ද්විතීයික 10 09 01 - - -
16 තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සහකාර ශ්‍රීලතොතාසේ පන්තිය 3 ‌‌ශ්‍රේණිය I/II/III එම්ටී1-2016 ද්විතීයික 01 - 01 - - -
17 කාක්ෂණ සහායක දෙපාර්තමේන්තු I/II/III එම්ටී1-2016 ද්විතීයික 01 01 - - - -
18 රියදුරු රිසේ I/II/III/විශේෂ පීඑල්3-2016 ප්‍රාථමික 02 02 - - - -
19 කාර්යාල කාර්යය සහයක කාකාස I/II/III/විශේෂ පීඑල්1-2016 ප්‍රාථමික 05 05 - - - -
20 කාර්යාල කම්කරු කාකාස I/II/III පීඑල්1-2016 ප්‍රාථමික 03 03 - - - -
එකතුව 82 53 29      

*පරිපාලන නිලධාරි විසින් අතිරේක දිස්ත්‍රික් ‌‌රෙජිස්ටාර් තනතුරේ වැඩබලනුු ලබයි. 

*ප්‍රාදේශීය ‌ලේකම් තනතුරේ වැඩ බලනු ලැ‌‌‌බේ

අපගේ දැක්ම

"ධරණීය සංවර්ධනය සමගින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහල නංවාලීම”

අපගේ මෙහෙවර

"සැලසුම් සහගත හා කාර්යක්ෂම ලෙස ජනතා සහභාගිත්වය හා සම්පත් සම්බන්ධීකරණය හා රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකුලව රජයේ සේවා සැපයීම  මගින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහල නංවාලීම"

ගෝමරන්කඩවල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ ඉතිහාසය

ගෝමරන්කඩවල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාශ එකොළහෙන් එකකි. ගෝමරන්කඩවල කොට්ඨාශය ග්‍රාම නිලධාරී වසම් 10කින් සමන්විත වේ.

  • ගෝමරන්කඩවල
  • ගල්කඩවල
  • කන්දමලාව
  • කිවුලකඩවල
  • පඹුරුගස්වැව
  • මයිලවැව
  • මැදවච්චිය
  • කල්‍යාණපුර
  • බක්මීගම
  • පුලිකණ්ඩිකුලම

ගෝමරන්කඩවල කොට්ඨාශය දිස්ත්‍රීක්කයේ උතුරු ප්‍රදේශයේ ත්‍රිකුණාමලය නගරයේ සිට කිලෝමීටර 40ක් වයඹ දෙසින් පිහිටා ඇත. මෙම කොට්ඨාශය වර්ග කිලෝමීටර 285ක ප්‍රදේශයක් පුරා පැතිරී ඇති අතර එය මුල් දිස්ත්‍රික්කයේ වර්ග ප්‍රමානයෙන් 15% කි. ත්‍රිකුණාමලය දිස්ත්‍රීක්කයේ භූමී ප්‍රමාණය අනුව දෙවන විශාලතම කොට්ඨාශය යි. ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ග්‍රාමනිලධාරී කොට්ඨාශ 10කින් හා ගම්මාන 50කින් සමන්විත වේ. කොට්ඨාශය සේරුවිල මැතිවරණ බල ප්‍රදේශයට හා ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් වේ.

2017 වර්ශයේ ප්‍රාදේශීය දත්ත අනුව ගෝමරන්කඩවල කොට්ඨාශයේ මුළු ජනගහනය පුද්ගලයින් 8804ක් හා පවුල් 3010කි . කොට්ඨාශයේ කාන්තාවන් 4441ක් හා පිරිමි 4363ක් ජීවත් වෙති. ජනගහනයෙන් බහුතරයක් සිංහල ( පුද්ගලයින්-8773) හා බෞද්ධ (පුද්ගලයින්-8773)වෙි. දෙවන හා එකම සුළු ජන කොට්ඨාශය දෙමළ වන අතර හිංදු භක්තිකයන් 31 ද කොට්ඨාශය තුළ සිටිති.

මෙම කොට්ඨාශය 1984 සිට පරිපාලනය වූයේ ප්‍රාදේශීය ආදායම් කාර්යාලයක් ලෙසිනි. මෙම කොට්ඨාශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලෙස 1970 දී ද උප දිසාපති කොට්ඨාශයක් ලෙස නම් කල අතර 1991 දී එය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් ලෙස නම් කෙරුණි. 1964 සිට අද දක්වා කොට්ඨාශයේ පාලනය ප්‍රධානීන් 16ක් යටතේ පාලනය විය.

1964 සිට ‌‌මේ දක්වා ආයතන ප්‍රධානීන්...

නම තනතුර සිට දක්වා සේවා කාලය  
එම්. සුබ්‍රමනියම් මහතා  ප්‍රාදේශීය ආදායම් පාලක     1964    1964 වසර 1
එච්. පුල්ලේනායගම් මහතා  ප්‍රාදේශීය ආදායම් පාලක 1964 1965 වසර 1
ඒ. ආනෝල්ඩ් මහතා ප්‍රාදේශීය ආදායම් පාලක 1965 1966 වසර 1
දොන් ‌‌ජෙරම් මහතා  ප්‍රාදේශීය ආදායම් පාලක 1966 1967 වසර 1
ඒ. එම්. කරුණාරත්න මහතා  ප්‍රාදේශීය ආදායම් පාලක 1967 1969  වසර 2
ජී. ඒ. ද. සිල්වා මහතා  ප්‍රාදේශීය ආදායම් පාලක 1969 1970 වසර 1
වයි. බී. දිසානායක මහතා  උප දිසාපති 1970 1978 වසර 8
රන් ආරියදාස මහතා  උප දිසාපති 1978 1979 වසර 1
ඩී. වික්‍රමආරච්චි මහතා  උප දිසාපති  1979 1979 වසර 1
සී. ඩබ්. කරුණාරත්න මහතා  උප දිසාපති  1979 1983 වසර 4
පී. ජී. අබේකෝන් මහතා උප දිසාපති  1983 1986 වසර 3
බී. ඒ. ධනපාල මහතා උප දිසාපති 1986 1991 වසර 5
ඊ. එම්. එන්. ඒකනායක මහතා ප්‍රාදේශීය ‌ලේකම් 1991 2001 වසර 10
එච්. ඒ. ඒ. චාමින්ද මහතා  ප්‍රාදේශීය ‌ලේකම් 2001 2007 වසර 6
ආර්. ජයසුන්දර මහතා  ප්‍රාදේශීය ‌ලේකම් 2007 2014 වසර 7
එස්. එම්. සී. සමරකෝන් මහතා     ප්‍රාදේශීය ‌ලේකම් 2014  අද දක්වා    

News & Events

21
ඔක්2020
2020 වසරේ පළමු ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම්

2020 වසරේ පළමු ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම්

ගෝමරන්කඩව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවතින ගැටලු පිළිබඳ...

21
ජූලි2020
Audit and management Committee Meeting-2020 Divisional Secretariat Gomarankadawala Date: 21.07.2020

Audit and management Committee Meeting-2020 Divisional Secretariat Gomarankadawala Date: 21.07.2020

Audit and management Committee Meeting-2020 Divisional Secretariat...

Scroll To Top