අපගේ දැක්ම
"ධරණීය සංවර්ධනය සමගින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහල නංවාලීම”
අපගේ මෙහෙවර
"සැලසුම් සහගත හා කාර්යක්ෂම ලෙස ජනතා සහභාගිත්වය හා සම්පත් සම්බන්ධීකරණය හා රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකුලව රජයේ සේවා සැපයීම මගින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහල නංවාලීම"
ගෝමරන්කඩවල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ ඉතිහාසය
ගෝමරන්කඩවල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාශ එකොළහෙන් එකකි. ගෝමරන්කඩවල කොට්ඨාශය ග්‍රාම නිලධාරී වසම් 10කින් සමන්විත වේ.
- ගෝමරන්කඩවල
- ගල්කඩවල
- කන්දමලාව
- කිවුලකඩවල
- පඹුරුගස්වැව
- මයිලවැව
- මැදවච්චිය
- කල්‍යාණපුර
- බක්මීගම
- පුලිකණ්ඩිකුලම
ගෝමරන්කඩවල කොට්ඨාශය දිස්ත්‍රීක්කයේ උතුරු ප්‍රදේශයේ ත්‍රිකුණාමලය නගරයේ සිට කිලෝමීටර 40ක් වයඹ දෙසින් පිහිටා ඇත. මෙම කොට්ඨාශය වර්ග කිලෝමීටර 285ක ප්‍රදේශයක් පුරා පැතිරී ඇති අතර එය මුල් දිස්ත්‍රික්කයේ වර්ග ප්‍රමානයෙන් 15% කි. ත්‍රිකුණාමලය දිස්ත්‍රීක්කයේ භූමී ප්‍රමාණය අනුව දෙවන විශාලතම කොට්ඨාශය යි. ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ග්‍රාමනිලධාරී කොට්ඨාශ 10කින් හා ගම්මාන 50කින් සමන්විත වේ. කොට්ඨාශය සේරුවිල මැතිවරණ බල ප්‍රදේශයට හා ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් වේ.
2017 වර්ශයේ ප්‍රාදේශීය දත්ත අනුව ගෝමරන්කඩවල කොට්ඨාශයේ මුළු ජනගහනය පුද්ගලයින් 8804ක් හා පවුල් 3010කි . කොට්ඨාශයේ කාන්තාවන් 4441ක් හා පිරිමි 4363ක් ජීවත් වෙති. ජනගහනයෙන් බහුතරයක් සිංහල ( පුද්ගලයින්-8773) හා බෞද්ධ (පුද්ගලයින්-8773)වෙි. දෙවන හා එකම සුළු ජන කොට්ඨාශය දෙමළ වන අතර හිංදු භක්තිකයන් 31 ද කොට්ඨාශය තුළ සිටිති.
මෙම කොට්ඨාශය 1984 සිට පරිපාලනය වූයේ ප්‍රාදේශීය ආදායම් කාර්යාලයක් ලෙසිනි. මෙම කොට්ඨාශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලෙස 1970 දී ද උප දිසාපති කොට්ඨාශයක් ලෙස නම් කල අතර 1991 දී එය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් ලෙස නම් කෙරුණි. 1964 සිට අද දක්වා කොට්ඨාශයේ පාලනය ප්‍රධානීන් 16ක් යටතේ පාලනය විය.
1964 සිට මේ දක්වා ආයතන ප්‍රධානීන්...
| නම | තනතුර | සිට | දක්වා | සේවා කාලය |
| එම්. සුබ්‍රමනියම් මහතා | ප්‍රාදේශීය ආදායම් පාලක | 1964 | 1964 | වසර 1 |
| එච්. පුල්ලේනායගම් මහතා | ප්‍රාදේශීය ආදායම් පාලක | 1964 | 1965 | වසර 1 |
| ඒ. ආනෝල්ඩ් මහතා | ප්‍රාදේශීය ආදායම් පාලක | 1965 | 1966 | වසර 1 |
| දොන් ජෙරම් මහතා | ප්‍රාදේශීය ආදායම් පාලක | 1966 | 1967 | වසර 1 |
| ඒ. එම්. කරුණාරත්න මහතා | ප්‍රාදේශීය ආදායම් පාලක | 1967 | 1969 | වසර 2 |
| ජී. ඒ. ද. සිල්වා මහතා | ප්‍රාදේශීය ආදායම් පාලක | 1969 | 1970 | වසර 1 |
| වයි. බී. දිසානායක මහතා | උප දිසාපති | 1970 | 1978 | වසර 8 |
| රන් ආරියදාස මහතා | උප දිසාපති | 1978 | 1979 | වසර 1 |
| ඩී. වික්‍රමආරච්චි මහතා | උප දිසාපති | 1979 | 1979 | වසර 1 |
| සී. ඩබ්. කරුණාරත්න මහතා | උප දිසාපති | 1979 | 1983 | වසර 4 |
| පී. ජී. අබේකෝන් මහතා | උප දිසාපති | 1983 | 1986 | වසර 3 |
| බී. ඒ. ධනපාල මහතා | උප දිසාපති | 1986 | 1991 | වසර 5 |
| ඊ. එම්. එන්. ඒකනායක මහතා | ප්‍රාදේශීය ලේකම් | 1991 | 2001 | වසර 10 |
| එච්. ඒ. ඒ. චාමින්ද මහතා | ප්‍රාදේශීය ලේකම් | 2001 | 2007 | වසර 6 |
| ආර්. ජයසුන්දර මහතා | ප්‍රාදේශීය ලේකම් | 2007 | 2014 | වසර 7 |
| එස්. එම්. සී. සමරකෝන් මහතා | ප්‍රාදේශීය ලේකම් | 2014 | අද දක්වා |















